යුක්තිය මෙහෙයුම අද සිට යළි ක්‍රියාත්මක කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අද (27) සිට යළි ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දින 03ක් මෙහෙයුම් කටයුතු අඩු කිරීමට සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

පසුගිය 25 වනදා වන විට මෙම මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් 13,666 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් 1,097 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *