උසස් පෙළ විභාගයට පෙර ඩෙංගු මර්දන වැඩසටහක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මෙම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවයි එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන සඳහන් කළේ.

මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම දිනපතා ඉහළ යමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *