උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සව සමයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

ඒ අනුව නත්තල් දිනය දා කතෝලික දේවස්ථානවල ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

දේව මෙහෙයයන් සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.

එසේම උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට නගර වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටද කටයුතු යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *