මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 42ක් අත්අඩංගුවට

සංහිඳ සෙවණ මහල් නිවාසයේ කළ වැටලීමකින් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝගේ උපදෙස් පරිදි කොළොන්නාව, සංහිඳ සෙවණ මහල් නිවාසයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක් ව මෙම වැටලීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *