ජනාධිපතිවරණ පොදු අපේක්ෂකත්වය භාරගන්න කිව්වොත් බෑ කියන්නෑ – රොෂාන් රණසිංහ

ක්‍රිකට් ක්‍රීඩාව දුෂණයෙන් මුදාගැනීමේ කටයුතු අත්හැර නොමැති බවත්, ඒ සඳහා තමන් උපරිම උත්සාහ කරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා සිටියා.

මල්වතු හා අස්ගිරි විහාරස්ථාන වෙත ඊයේ (15) පැමිණි අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ක්‍රිකට් බේරා ගැනීමට නොහැකි වුවහොත් මෙය ජනාධිපතිවරණයෙන් හෝ අවසන් කරන බවත්, ජනාධිපතිවරණයෙන් පසු ක්‍රීඩාවේ දූෂණ පමණක් නොව අනෙක් දූෂණත් නතර විය යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

සියලු පක්ෂ එකතු වී 2024 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කළහොත්, එයට බයෙන් හැංගෙන්නේ නැති බවත්, ඒ වගකීම භාරගන්නා බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *