ආගමික වැරදි විමර්ශනයට පොලීසියේ වෙනම ඒකකයක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව මෙම ඒකකය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට වෙනමම ඒකකයක් ස්ථාපිත කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධ පැමිණිලි මහජනතාවට 0112 300 637 අංකය ඔස්සේ දැනුම්දීමේ හැකියාව ඇති අතර [email protected] විද්‍යුත් ලිපිනය මඟින්ද යොමු කිරීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *