IMF වැඩසටහන පිළිබඳ ඉදිරි අවදානම් තත්ත්වයන් කිහිපයක් පෙන්වාදී තිබෙනවා – ධනනාත් ප්‍රනාන්දු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ඉදිරි අවදා​නම් තත්ත්වයන් කිහිපයක් පෙන්වාදී ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

මැතිවරණ කල් දැමීම නිසා සමාජයෙන් එල්ලවිය හැකි ප්‍රතිරෝධය සහ බදු වැඩිවීමේ පීඩනය මෙන්ම මැතිවරණ වසරක් වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පසුගාමී වීම යන අවදානම් සලකුණු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම දූෂණ විරෝධය පිළිබඳ ක්‍රියාපටිපාටි වේගවත් විය යුතු බවට සහ දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් රැකබලා ගත යුතු බවද එම අරමුදල අවධාරණය කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබෙන විට ඉදිරිපත් කළ බොහෝ කොන්දේසි සපුරා ඇති බවත් නමුත් වියදම් සම්න්ධයෙන් හිඟ වාරිකයක් සහ රජයේ ආදායම බලාපොරොත්තු වූ මට්ටමට පැමිණ නැති බවටද ඔවුන් දක්වා ඇති බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *