සතොස හරහා යළිත් අඩු මිලට බිත්තර

ආනයනික බිත්තර මිලියන 6 ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ශීතාගාරවල ගබඩා කර තිබුණු එම බිත්තර සතොස හරහා මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

මේ වනවිට බිත්තර මිල රුපියල් 60 ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙළෙඳපොළේ බිත්තර මිල මෙසේ ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *