රොෂාන්ගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බව හරීන් අධිකරණයට දැනුම්දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති විසින් ගොනුකළ නඩුව අද (13) යළිත් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? දැනුම් දීම සඳහා ලබන 15 දා කැඳවන ලෙසයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *