සක්විතිට සහ හිටපු බිරිඳට රු ලක්ෂ 18ක දඩයක්

මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධි චෝදනාවලට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ හිටපු බිරිඳ වන කුමාරි අනුරාධනී නැමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා විසින් රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබෙනවා.

එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත පවරා තිබූ නඩුවක් අද (12) දින කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *