තැපැල් සේවකයින්ගේ සංකේත වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (12) දිනයේත් ක්‍රියාත්මක වනවා.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.

රුපියල් 20,000 ක දීමනාවක් ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදිය යුතු බවට බලකිරීම මෙම වැඩ වර්ජනයේ තවත් අරමුණක් බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව වැඩ වර්ජනය අද (12) මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කිරීමට නියමිත බවයි චින්තක බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *