VAT සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට බහුතරයේ එකඟතාව

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (11) දිනයේ විවාදයට ගැනීමට බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ එකඟතාව පළ වුණා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (11) දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට සම්බන්ධයෙන් විපක්ෂය විරෝධතාවක් පළ කළ අතර මේ හේතුවෙන් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළා.

යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හා විපක්ෂව ඡන්ද 42 ක් හිමිවූ බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ඒ අනුව යෝජනාව අද දිනයේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *