තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (11) දිනයේත් ක්‍රියාත්මක වනවා.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.

රුපියල් 20,000 ක දීමනාවක් ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදිය යුතු බවට බලකිරීම මෙම වැඩ වර්ජනයේ තවත් අරමුණක් බවද ඔහු සඳහන් කළා.

දිවයින පුරා තැපැල් සේවකයින් ඊයේ පස්වරු 4.00 සිට ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හෙට (12) මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *