ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේනගේ අවසන් කටයුතු පිළිබඳ දැනුම්දීමක්

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා පස්වරු 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රවී​ණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා ඊයේ (04) උදෑසන ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *