දෛනිකව මෙරටින් ඩෙංගු රෝගීන් 200 ක් වාර්තා වෙයි

පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මේ වනවිට මෙරටින් දෛනිකව ඩෙංගු රෝගීන් 200 ක් පමණ වාර්තා වන බවයි එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

කොළඹ මහ නගර සභාවට අයත් ප්‍රදේශවල හා ගොතටුව, මහරගම, නුගේගොඩ යන ප්‍රදේශවල මෙන්ම ගම්පහ, අත්තනගල්ල සහ බියගම යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 55 ක් මේ වන විට අවදානම් කලාප ලෙස නම් කර ඇති බවත් රෝගීන් වාර්තාවීම පාලනය කරගත යුතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *