දෙසැම්බර් මාසය වන විට බංකොළොත් භාවයෙන් ඉවත් වීමට හැකිවේවි – ශෙහාන් සේමසිංහ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ඇති කරගත් ප්‍රතිපත්තිමය ගිවිසුම හරහා ලබන මාසය වන විට බංකොළොත්භාවයෙන් ඉවත් වීමට හැකියාව ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දෙවන වාරිකය නිදහස් කර ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණය හිමි රටවල් කණ්ඩායම ප්‍රතිපත්තිමය වශයෙන් ඊයේ (29) එකඟතාව පළකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *