අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනය අද

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (01) 9 වන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද දිනයේ කර්මාන්ත සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශවල වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *