වැටුප් වැඩි නොකිරීමට විරෝධය පා වරාය සේවකයින් ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසනවා.

ඒ අනුව වැටුප් වැඩි කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සභාපතිවරයා හමු වී සාකච්ඡා සිදු කළ බවයි වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළේ.

එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එළඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *