යහපත් දේශපාලඥයින් බිහිවීමට යහපත් ඡන්ද දායකයන් සිටිය යුතුයි – විමලවීර දිසානායක

යහපත් දේශපාලඥයින් බිහිවීමට යහපත් ඡන්ද දායකයන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.

ඒ අනුව ජනතාව ඡන්දය දීම සිදු කරන්නේ තමන්ට ලැබෙන්නේ මොනවාද යන්න මත බවත්, හොඳ පුද්ගලයෙක් හෝ හොරෙක් නොවන පුද්ගලයෙක් වූ පමණින් ජනතාව ඡන්දය ලබා නොදෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

තමන් යළිත් මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *