ජනපති අද ඩුබායි රාජ්‍යයට

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සමුළුව අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *