උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය අද සිට වැටලීම් ආරම්භ කරයි

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (30) සිට වැටලීම් මාලාවක් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වැටලීම් ජනවාරි 15 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ.

උත්සව සමය එළඹීමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ උපරිම මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම සහ තොග සඟවා තබාගෙන වෙළෙඳාමේ යෙදෙන කූඨ වෙළඳුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ලිඛිතව හා 1977 කෙටි දුරකථන අංකයෙන් ද පැමිණිලි ඉදිරිපත් කර හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *