විදෙස් සංචාරකයින් රැගත් බසයක් වස්කඩුවේදී දුම්රියක ගැටෙයි

අද (29) අලුයම සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව අනතුරෙන් සංචාරකයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *