නෙදර්ලන්ත​ය භාරයේ තිබූ පුරාවස්තු 6 ක් යළි මෙරට​ට භාරදෙයි

වසර 150 කට අධික කාලයක් නෙදර්ලන්ත​ය භාරයේ තිබූ මෙරටට අයත් පුරාවස්තු 6 ක් අද අලුයම යළිත් ශ්‍රී ලංකාවට භාර දී තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළේදී එම කෞතුක භාණ්ඩ අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු පිරිසක් විසින් භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් මෙම පෞරාණික භාණ්ඩ එකතුවට ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *