ICC තහනම දින කිහිපයක් තුළ ඉවත් කර ගැනීමට උත්සාහ කරනවා – ක්‍රීඩා ඇමති

නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ක්‍රීඩා පනත සහ නීති වෙනස් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම දින කිහිපයක් තුළ වෙනස් කරගෙන 19 පහළ ලෝක කුසලාන තරගාවලිය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *