රූපවාහිනිය හා ගුවන් විදුලිය එක්කර පොදු සමාගමක් කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එක් පොදු සමාගමක් බවට පත් කිරීමට සැළසුම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *