IPL 2024 : චෙන්නායි පි​ළ මතීෂ හා තීක්ෂ​ණ රඳවා ගනියි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රඳවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කර තිබෙනවා.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 ක් ක්‍රීඩා කළ අතර වනිඳු හසරංග (RCB), භානුක රාජපක්ෂ (PBKS), දසුන් ශානක (GT), මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ (CSK) එම ක්‍රීඩකයින් පිරිසයි.

ඒ අනුව ඊයේ (26) නිවේදනය කළ අතරින් මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ සිය සංචිතයේ රදවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබූ අතර භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දසුන් ශානක එම කණ්ඩායම්වලින් නිදහස් කර තිබුණා.

සංචිතවල රඳවාගත් හා නිදහස් කළ ක්‍රීඩකයින් පහතින්.

news images news images news images news images news images news images news images news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *