ICC සභාපතිවරයා හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන්න – සජිත්

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව සභාපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට ආරාධනා කරන ලෙසයි අද (27) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ.

එලෙස පැමිණි පසු මන්ත්‍රීවරුන් 225ටම ඔහු හමුවිය හැකි බවත්, ක්‍රිකට් ගැටලුවේ සත්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එවිට ඔහු දැනුවත් කිරීමට හැකියාව ලැබෙන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *