සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා

සපත්තු වවුචර් බෙදාදීම 4 වැනිදා පටන් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්  ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  අද( 27) පැවසීය.

වවුචර පත් බෙදාදීම 27 වැනිදා අවසන් කරන බවද ඔහු සඳහන් කළේය.

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත්  බෙදා හරින බව පැවසූ අමාත්‍යවරයා දුෂ්කර අති දුෂ්කර සහ හුදෙකලා  පාසල් මේ සඳහා  තෝරාගෙන  ඇතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *