සනත් නිශාන්ත කණගාටුව පළ කරයි

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

ඒ අනුව කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කරන්නේ, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවයි.

එමෙන්ම සිද්ධියට පාදක වූ විපක්ෂ නායකවරයාගේ හැසිරීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ හැසිරීම මගින් ස්ථාවර නියෝග සහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ නියමයන් කඩ වී තිබෙන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට ද සුදුසු දඬුවමක් ලබා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *