O/L විභාගය 10 ශ්‍රේණියට ගෙන ඒමට රජයේ අවධානය

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

ඒ අනුව පෙරපාසල් පාලිකාවන් සඳහා සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා පාඨමාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඒවා සම්පූර්ණ කර ගැනීමට යම් කාලයක් ලබා දෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මෙම වැඩසටහන හඳුන්වාදීමත් සමඟ දැනට 11 ශ්‍රේණියේ ඇති සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ තුළින් දරුවන්ට අවුරුදු 15 දී සාමාන්‍ය පෙළ ලියන අතර 17 දී උසස් පෙළ විභාගය ලිවීමට හැකියාව ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා ​සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *