මහගමසේකරයන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

මෙරට සිටි අග්‍රගණ්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන් ගේ බිරිඳ වූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පේරාදෙණි සරසවියේ ශාස්ත්‍ර පීඨයෙන් පළමු උපාධිය ලැබූ කුසුමලතා මහගමසේකර මහත්මිය, මීරිගම මහා විද්‍යාලයේ උපාචාර්‍යවරියක ලෙස කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්පසු දිවයිනේ පාසල් කිහිපයක ම භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක ලෙස බොහෝ කාලයක් සේවයේ යෙදුණු ඇය 1963 සැප්තැම්බර් මස 05 වැනිදා මහගමසේකරයන් සමඟ විවාහ දිවියට එළඹ තිබෙනවා.

මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසු අතර අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 24 වැනිදා සිකුරාදා දක්වා තැන්පත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *