අධිවේගී මාර්ගවල සේවකයින් අද රාජකාරීවලින් ඉවත්වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි සඳහන් වන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක්වන බව අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ සඳහන් කළා.

අධිවේගී මාර්ගවල ආරක්ෂාව සඳහා ත්‍රිවි​ධ හමුදාව හා පොලීසිය යොදවා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *