වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ ඇතුළු පිරිස රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *