විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඊයේ (20) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත් කෙටුම්පතට අනුමැතිය ලබාදුන් බවත්, නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි X පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව නව විදුලි බල පනත මගින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *