රට හදන්න බැරි විදෙස් ආයෝජනවලට එරෙහි වීමයි

මෙරට ආර්ථිකය හදන්න බැරි ප්‍රධානතම කාරණය විදේශ ආයෝජන වලට එරෙහි වීම බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදේශ ආයෝජනයක් ආවොත් මෙන්න විකුණුවා කියන බවත් පෞද්ගලික අංශය ගෝනි බිල්ලෙක් විදියට ඇතැමුන් සිටිමින් සිටින බවත් සේනාරත්න මහතා කීය.

නමුත් ආර්ථිකයේ ඇන්ජිම වන්නේ පෞද්ගලික අංශය යැයි රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

හිඟුරක්ගොඩ ගුවන්තොටුපළවල් හදන්ට කලින් මිනිසුන්ට වේල් තුන කන්න දෙන්නැයි කී සේනාරත්න මහතා කරන යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම් අයවැය යෝජනා ගෙනාවාට වැඩක් නැතැයි කීය.

ජපානය සහ ජර්මනිය අර්බුදය පාවිච්චි කරමින් ගොඩනැඟුණ අතර ඉන්දියාව මෙන්ම තායිලන්තය ද ආර්ථික ආර්ථිකය පුනර්ජීවනය කර ගත්තේ බයනැතිව ප්‍රතිසංස්කරණ කිරීම නිසා යැයි සේනාරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *