මහජන නියෝජිතයින් ලෙස අපගේ පෞද්ගලික අරමුණුවලින් බැහැර වී මෙවර අයවැය දෙස බැලිය යුතුයි

මහජන නියෝජිතයින් ලෙස අපගේ පෞද්ගලික අරමුණුවලින් බැහැර වී මෙවර අයවැය දෙස බැලිය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අය වැය දෙවැනිවර කියවීමේ විවාදයට අද (21) පාර්ලිමේන්තුවේ දී එක්වෙමිනි.

විවාදයේ දී අඳහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා;

එසේ නොවුනොත් හොඳ අයවැය යොජනා අත් හැරෙනවා. හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් පෙන්වා දිය යුතුයි. රටේ ආර්ථිකය සුබවාදීව ඉදිරියට ගෙන යන්න,මෙය හොඳ අවස්ථාවක්.

අපි සැමදා ඉන්නේ ජනතාවගේ මතයේ. ජනතාව අමාරුවේ නොවැටෙන ඔවුන්ට වැඩදායි අයවැය යෝජනාවලියකට අපේ උපරිම සහාය ලබා දෙනවා. අපි විශ්වාස කරනවා, ජනතාව සමඟ මෙරට ආර්ථිකය නැගිටින්නට ඕන කියලා. ඒ සඳහා පසුබිම සකසන ඕනෑම වැඩපිළිවෙලකට සහාය ලබාදෙන බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *