ක්‍රිකට් තහනම පැවතියත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති ICC විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එම තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කන්ඩායමට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට බාධාවක් නොමැති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් සැපයීම ICC විසින් පාලනයකට යටත්ව සිදු කිරිමට මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *