අපි එකතුවෙලා වඩා දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් කරා ගමන්කරමු

අදට යෙදෙන ලෝක රූපවාහිනී දිනයේදී අපි එකතු වී වඩා දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් කරා ගමන්කිරීමට අදිටන් කරගමු යැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ලෝක රූපවාහිනී දිනයේදී ලෝකයේත් අප රටේත් රූපවාහිනී සන්නිවේදනයේ යෙදෙන සියලුම ආයතන ප්‍රධානීන් හා කාර්ය මණ්ඩල වල සේව්‍ය සේවක සියලුදෙනාට අමාත්‍යංශය වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා සුභපැතුම් එක්කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *