ක්‍රිකට් ගැන නඩුව අනිද්දා දක්වා කල් තබයි

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම විභාගය ලබන 22 දා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කර කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *