බදුල්ල ප්‍රධාන මාර්ගයේ නාය යෑමක් හේතුවෙන් මාර්ගය අවහිරවෙයි

පැවති අධික වර්ෂාවත් සමඟ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 96 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ පුහුල්පොළ ප්‍රදේශයේ දී ගල් සමඟ පස් කන්දක් නාය ගොස් තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම නාය යෑම සිදු වී ඇති අතර නාය යෑම හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි සඳහන් වන්නේ.

මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, බදුල්ල දෙසට යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස වැලිමඩ පොලීසිය රියදුරන්ට දැනුම්දී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *