සභාපතිට ඇති චෝදනාවලට කෝප් කමිටුව වහන එක නෙවෙයි කරන්න තියෙන්නේ – දයාසිරි ජයසේකර

වර්තමාන කෝප් කමිටුවේ සභාපති ගැන චෝදනා රාශියක් ඇති බවත්, නමුත් ඒ නිසා කෝප් කමිටුව වසා දැමීම ඊට විසඳුමක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ලබන සඳුදා දින හෝ මෙය අවසන් කර, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට කමිටුව භාරදී, නිවැරදිව හා ගෞරවයක් ඇතුව කෝප් කමිටුව කරගෙන යාමට ඉඩදෙන ලෙසයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

කථානායකවරයාගේ අණකින් මේ දෙසැම්බර් මාසය වනතුරු සියළුම කෝප් කමිටු රැස්වීම් නවත්වා ඇති බවත්, එසේ නොවුනා නම්, මේ මාසයේ ආයතන ගණනාවක් ගෙන්වා කථා කරන්නට කාලය තිබුණු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *