යල කන්නයේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම හෙට (19) සිදුකෙරෙන බව කෘෂිකර්ම අමත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව, පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389 ක මුදලක් ගොවීන්ට වන්දි වශයෙන් ලබාදීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

පසුගිය යල කන්නයේදී නියඟයෙන් අක්කර 65,000ක් හානියට පත්වූ අතර, අධික වර්ෂාව නිසා කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්වූ බවට හානි තක්සේරු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *