පළාත් පාලන ආයතනවලට බඳවා ගත් 8400ක් වූ අනියම් සේවක පිරිස කඩිනමින් ස්ථිර කරනවා

පළාත් පාලන ආයතනවලට බඳවා ගත් 8400ක් වූ අනියම් සේවක පිරිස කඩිනමින් ස්ථිර කරන බව ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවෙ දී අද (18) ප්‍රකාශ කළේය.
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය් පස් වන දිනය වන අද විවාදයට එක්වෙමින් වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

දින 180ට වඩා වැඩියෙන් සේවය කළ එම අනියම් සේවකයින් සේවයේ ස්ථිර කරන බවත් ඒ පිළිබඳව මෙවර අයවැය යෝජනාවට ඇතුළත් කර ඇතැයිද හෙතෙම කීය. මෙවර අයවැයෙන් පළාත් සභා සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙවර අයවැයෙන් මිලියන 34,530ක් පළාත් සභා මගින් පළාත් 9ට වෙන් කර තිබෙන බවයි.උතුරු මැද සහ ඌව පළාත් සභා වල යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට මිලියන 7000ක් වෙන් කර තිබේ.

පාසල් ගොඩනැගිලි වල තිබෙන අඩුපාඩු සකස් කරමින් ඒවා පිළිසකර කිරීම පිණිස වෙනම මුදලක් අමාත්‍යංශය හරහා පළාත් සභා පාසල් වලට වෙන් කර තිබෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව ග්‍රාමීය රෝහල් සඳහා වෙනම මුදලක් වෙන් කර තිබෙනවා.

පළාත් සභා අකර්මන්‍ය වෙලා තිබුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග එක්ව එම කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටත් අස්වැසුම ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද කීය.

පලාත් පාලන ආයතන සමග එක්ව සංචාරකයින් එන ප්‍රදේශ වල යටිතල පහසුක්ම දියුණු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද සැළසුම් කර තිබේ.

මහජන නියෝජිතයෝ නැති පළාත් පාලන ආයතන තියන්න අපි කැමති නැහැ. එම පළාත් පාලන ආයතන දියුණු කිරීමට තවත් බිලියන 600ක් වෙන් කර තිබෙනවා. අතරමග නැවතුනු අදාහනාගාර සාදා නිම කිරීමට මුදල් ලබාදෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *