උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල පහළට

එළඹෙන උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් පහළ යනු ඇතැයි සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මේ වන විට රුපියල් 35-40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාව පවතින බවද, කෙසේ නමුත්, වැට් බදු වැඩි කිරීම නිසා ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *