ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන්ට ඇප

පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙ​ම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *