විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ

ක්‍රිකට් ආයතනය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු ගැන විපක්ෂය දෙවිදියකට කතා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තමන්ට අවාසිදායක තීන්දු ලැබුණු විට අධිකරණය විවේචනය කරන විපක්ෂය තමන්ට වාසිදායක තීන්දුවක් ලැබුණු විට එය උළුප්පා දක්වන බවද අමාත්‍යවරයා කීය.

අධිකරණයෙන් ලැබුනු තීන්දු විවේචනය කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *