රුපියල් මිලියන 60 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

කැනඩාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් එය සිය භාරයට ගෙන තිබූ බවයි සඳහන් වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 ක් සොයාගෙන තිබූ අතර එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60 ක් පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *