රට වැටෙන්න ප්‍රධානම හේතුව ගෝඨාභය ආණ්ඩුව හිතවතුන්ට ලා​භ ගන්න බිලියන 600 ක බදු කැපීම – හර්ෂ

රටේ ආර්ථික පරිහානියට ප්‍රධානතම හේතුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් හිතවතුන්ට ආර්ථික වාසි ලබාගැනීම සඳහා වසරකට රුපියල් බිලියන 600 ක බදු කපා හැරීම ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

තමන් එකල විපක්ෂයේ සිට එසේ බදු කපා හැරියොත් රට කඩාවැටෙන බවට අනතුරු අඟවමින්, එය නොකරන ලෙස දැඩි ලෙස ඉල්ලීම් කළද, ආණ්ඩුව ඊට සවන් නොදුන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

දූෂිතයින් සමඟින් කිසිසේත් රටක් ගොඩනැගිය නොහැකි බව​ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *