බදු වැඩි කිරීම නිසා මත්පැන් අලෙවිය 12%කින් අඩුවෙලා – මත්පැන් සමාගම්

2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාල පරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව එම සමාගම් පවසනවා.

ඒ අනුව 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි මෙරට ලැයිස්තුගත සමාගමක් වන LION BREWERY CEYLON PLC සමාගම සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

බදු ඉහළ නැංවීම නිසා මත්පැන් මිල ඉහළ යාම, මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත්, මේ හේතුවෙන් නීති විරෝධී මත්පැන් භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *