පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන්ට අධ්‍යාපන ඇමති සුබ පතයි..!

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සියළු දරුවන්ට තම සුභ පැතුම් පිරිනමන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී අද(17) ප්‍රකාශ කළේය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කර තිබේ. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා තිබේ.

පසුගිය ඔක්තොම්බර් 15 දා පැවැත් වූ විභාග ප්‍රතිඵල මාසයක් තුළ නිකුත් කිරීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

මාසයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීම සහාය වූ විභාග දෙපාර්තමේන්තුවට සහ ඊට සහාය වුණු සියළු දෙනාට ස්තුති වන්ත වෙනවා. කඩ ඉම් ලකුණු 198 බැගින් දරුවන් පස් දෙනෙක් ලකුණු අරන් තිබෙනවාලකුණු 197 බැගින් ගත් දරුවන් හතර දෙනෙක් ඉන්නවා. දරුවන් 15.2% විභාගය සමත් වී තිබෙනවා.විභාගය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පල කළා. නමුත් දරුවන් හොඳට ලකුණු අරන් තිබෙනවා. තරගය වැඩියි. දරුවන් ලකුණු අරන් තිබෙනවා.එම විශිෂ්ඨ ජය ලබා ගත් සිසුන්ට සුභ පතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *